කොස්තාපල් කුඩුත් සමග මාට්ටු .

ඊයේ (03) පස්වරුවේ හෙරොයින් මිලිග්‍රෑම් 7140ක් සමඟ අත්අඩංගුවට ගත් දෙයියන්දර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 09 දෙනා අද (04) උදෑසන දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එහිදි සැකකරුවන් 07 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වු ශරීර ඇප ⁣දෙකක් මත ඇප ලබා දීමටත් පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් සැකකරුව දින 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් දෙයියන්දර මහෙස්ත්‍රාත් කෝසලා අනුරුද්ධිකා විදානපතිරණ අවසර ලබා දී ඇති බව සදහන්.

Exit mobile version