දේශබන්දුගේ පත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ .

පස් දෙනකු එම යෝජනාවට පක්ෂ වී ඇති අතර ඊට විරුද්ධ වී ඇත්තේ සාමාජිකයන් තිදෙනකු පමණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කබීර් හෂීම් සහ තවත් සාමාජිකයකු ඊට විරුද්ධවී තිබේ.

තමා ඇතුළු සාමාජිකයන් තිදෙනකු ඊට විරුද්ධ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (02) ප්‍රකාශ කරන ලදී .

Exit mobile version