පාසල් නොයන ළමුන් හඳුනාගෙන හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙස කෝපා කමිටුව විසින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
2019 , 2020 , 2021 යන වර්ෂවල පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්‍යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී එහි කමිටු සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබෙන බව සඳහන් වේ.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මසකට වරක් හෝ මාස දෙකකට වරක් මෙම තොරතුරු පාසල් මඟින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව කෝපා කමිටුවේ සභාපති විසින් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.