මිනිස් සිරුරට අහිතකර රූපලාවණ්‍ය ආලේපන වටලයි.

මිනිස් සිරුරට ප්‍රබල හානි කරන තත්ත්වයක් ඇති රසායනික සංයෝග අඩංගු රූපලාවණ්‍ය ආලේපන තොගයක් වටලා ඇති බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන එම ආලේපන අලෙවි කළ වෙළෙඳසැල් 04ක් එලෙස වැටලූ බවයි.

අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනිස් සිරුරට අහිතකර ආලේපන වර්ග 1143ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව සදහන්.

මෙම වැටලීම ඊයේ (21) දහවල් පිටකොටුව දෙවන හරස්වීදියේ සිදුකර තිබුණේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසිනි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 22,25,45,52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව, වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සදහන්.

Exit mobile version