Covid -19 : එක්සත් ජනපදයේ එන්නත්කරණය මන්දගාමී වන්නේ ඇයි?

ඇමරිකානු ජනාධිපති ජෝ බිඩෙන් විසින් තම රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ රටේ එන්නත්කරණය මන්දගාමී වීම නිසා ඔවුන්ගේ සංචරණ සීමා කර ආරක්ෂාකාරී වන ලෙසයි.

රටපුරා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන අතර සමහර ප්‍රාන්තයන්හි පදිංචි කරුවන්ගෙන් අඩකටත් වටා අඩු ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති බව ප්‍රකාශ වේ. මේ අතර එන්නත් ලබා ගැනීම ප්‍රමාද වන්නේ කොතනද සහ මෙය විය හැක්කේ මන්දැයි සොයා බැලූ විට පෙනී යන්නේ එන්නත් කරන ලද එක්සත් ජනපද ජනගහනයේ ප්‍රතිශතය අනෙකුත් සංවර්ධිත රටවලට වටා පසුගාමී ස්වභාවයක් ගන්නා බවයි. මුළු ජනගහණයෙන් මෙන් ම එක්සත් රාජධානිය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල මාත්‍රාව අනුව එක්සත් ජනපදය අද වන විට අසල්වැසි කැනඩාවටත් වඩා පසුගාමී ස්වභාවයක් ගෙන ඇත.තවත් ප්‍රධාන ආර්ථික මට්ටමක් පවත්නා ජපානය වැනි රටවල් වලට වඩා එය තවමත් ඉදිරියෙන් සිටින නමුත් එක්සත් ජනපදයේ එන්නත් කිරීමේ අනුපාතය යම් මට්ටමකට ලඟාවීමත් සමග පහත වැටී ඇත.

වයස අවු.18 ට වැඩි අයගෙන් 70%ට අවම වශයෙන් පළමු එන්නත් කිරීමටත් ලබා දීමට ජනාධිපති බිඩෙන් විසින් ජූලි 04 වන දින නියම කරන ලද ඉලක්කයට ලඟා වීමට ද නොහැකි වී ඇත.දැනට වැඩිහිටියන්ගෙන් 68% ක් පමණ ප්‍රතිශතයක් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.

එක්සත් රාජධානියේ පවත්නා ප්‍රාන්ත අතුරින් අඩුම එන්නත් ලබා ගැනීමේ ප්‍රවණතාවක් වාර්තා වන්නේ එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්තයන්ගේ ය. මේ අතර මිසිසිපි සහ ලුසියානාහි අවම අගයක් වාර්තා වී ඇති අතර එය ප්‍රාන්ත දෙකෙහිම 40%ට වඩා අඩු ප්‍රතිශතයක් වන අතර එම පිරිස මේ වන විට පළමු මාත්‍රාව ලබා ඇත.ඒ අතර ඊසානදිග ප්‍රාන්තයන්හි වැඩිම එන්නත් ලබා ගැනීමක් දක්නට ලැබෙන අතර වර්මන්ට් සහ මැසචුසෙට්ස්හි 75% ක් පමණ ප්‍රතිශතයක් අවම වශයෙන් පළමු මාත්‍රාව ලබාගෙන ඇත.

බේලර් වෛද්‍ය විද්‍යාලයේ එන්නත් පිළිබඳ විශේ‌ෂඥයෙකු මහාචාර්ය පීටර් හෝට්ස් පවසන්නේ “එන්නත් ලබාදීම ප්‍රායෝගිකව නවතා දමා ඇති අතර එන්නත් ප්‍රමාණය පුළුල් ලෙස තිබියදීත් එය බෙදාහැරීමේ ක්‍රියාවලිය තියුණු ලෙස සිදු කළ යූතු අවස්ථා පවතින බවයි.”

” දකුණු ප්‍රාන්තවල සහ බටහිර ප්‍රාන්තයන්ගේ වැඩිහිටියන්ට එන්නත ලබා දී ඇති අතර තරුණ පිරිසට එසේ නොවීම විශාල පරතරයක් පැවතීමට හේතු වී ඇත.”

දත්තවලට අනුව මිසිසිපි ,ඇලබාමා සහ ලුසියානා වැනි ප්‍රාන්තවල වයස අවු. 65 ට වැඩි පුද්ගලයන්ගෙන් 80% ක් පමණ එන්නත ලබාගෙන ඇති අතර වයස අවු.65ට අඩු අයගෙන් එන්නත ලබාගෙන ඇත්තේ 40% ක් පමණ ප්‍රතිශතයකි.අප්‍රේල් මැද, එක්සත් ජනපදය තුළ දිනකට මාත්‍රා මිලියන 03ට වඩා එන්නත ලබාදුන් නමුත් දැන් එය දිනකට 500,000 දක්වා පහත වැටී ඇත.මෙයට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එන්නත් ලබා දීමට තරම් පිරිසක් නොමැති වීමයි.

එක්සත් රාජධානිය සහ අනෙකුත් සංවර්ධිත රටවල් ඔවුන්ගේ එන්නත් අනුපාතය අඩු ප්‍රතිශතයක් ගැනීමට පෙර ඔවුන්ගේ ජනගහණයෙන් විශාල කොටසකට එන්නත් ලබා දීමට හැකි වී තිබේ.

එන්නත්වල ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වීම හා එන්නත් ලබා ගැනීම ප්‍රතිරෝධය දැක්වීම ද ගැටළුවක් වී ඇත.එන්නත් පිළිබඳ අධීක්ෂණය කරන කයිසර් ෆැමිලි ෆවුන්ඩේෂන් හි උප සභාපති වෛද්‍ය ජෙනිෆර් කේට්ස් පවසන්නේ “සමහර අය ආරක්ෂිත ගැටලු මතුකරන අතර, එන්නත් සම්පූර්ණයෙන් ම අනුමත කර අවසර දී ඇති විට පමණක් එන්නත ලබා ගැනීමට වැඩි ඉඩක් ඇතැයි” කියායි.

වෛද්‍ය කේට්ස් තවදුරටත් පැහැදිලි කරමින් පවසා සිටින්නේ “සැපයුම ගැටලුුවක් නොවූව ද, එන්නත් ලබා ගැනීමට බාධකවලට මුහුණදෙන අය තවමත් සිටින බවත්, ඔවුන්ට රැකියාවෙන් නිවාඩු ලබා ගැනීමේ දුෂ්කරතා ,ප්‍රවාහන පහසුකම් නොමැති වීම හා මේ සඳහා ඔවුන්ට ගෙවීමක් සිදුකිරීමට වේ යැයි කනස්සල්ලක් ඇති බවයි.”

නමුත් ෆෙඩරල් නීතිරීතිවලට අනුව ඇමරිකානුවන්ට එන්නත් සඳහා කිසිවක් ගෙවිය යුතු නැති බවද සඳහන් වේ.

Exit mobile version