පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීමේ අරමුණින් කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල නිවෙස් වෙතටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඒ යටතේ උදෑසන සහ පස්වරුවේ නිවෙස් වෙත නැවුම් එළකිරි සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එක්ව සැලසුම් කර තිබේ.