නව තානාපතිවරුන්ගෙන් ජනපතිට අක්ත පත්‍ර

ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දී ඇති බව වාර්තා වේ.

මහනුවර ජනාධිපති මන්දිරයේ දී එම තානාපතිවරුන් ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර භාරදුන් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා මෙලෙස නව තානාපතිවරු පත් ව තිබේ.

Exit mobile version