ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය පහළට.

මෙම වර්ෂයේ මුල් මාස දෙක තුළ මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය අඩු වී ඇති බව වාර්තා වේ.

එමෙන්ම පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස වන විට මෙරට තිබූ ලක්ෂ 52,991 ක සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව මේ වර්ෂයේ ජනවාරි මස වන විට ලක්ෂ 42,272ක් දක්වාත් , පෙබරවාරි මස වන විට එම ප්‍රමාණය දහනවලක්ෂ හතලිස් දහස් අටසිය හැත්තෑ දෙකක් දක්වාත් අඩු වී ඇති බව මහබැංකුව වාර්තා කර තිබේ.

ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය මෙම වර්ෂයේ ජනවාරි මස අවසානය වන විට රුපියල් මිලියන එක් ලක්ෂ හතලිස් දෙදෙහස් හැට එකක් දක්වාත් , පෙබරවාරි මාසය අවසානය වන විට එම ප්‍රමාණය රුපියල් මිලියන එක් ලක්ෂ හතලිස් එක්දහස් එකක් දක්වාත් අඩු වී ඇති බව මහබැංකුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version