පසුගිය කාලය තුළ දිවයිනට බලපෑ කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වගා හානි තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දුන් අතර එම වගාවන්ට වූ හානි තක්සේරුව මේ වන විට අවසන් අදියරයේ පවතින බව ඊයේ (14) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අදාළ තක්සේරු කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කුඹුරු අක්කර 65 , 000 අධික ප්‍රමාණයකට හානි සිදුවී ඇති බවත් , ගොවීන් 67 ,000 ක් පමණ පීඩා විඳින බවත් ය .
එමෙන්ම මේ වන විට නියඟය හේතුවෙන් වගාවන්ට වූ හානිය තක්සේරු කර අවසන් වන අතර වර්ෂාව නිසා සිදු වූ හානිය තවමත් තක්සේරු කරමින් පවතින බව සඳහන් .
මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ වගා හානි වන්දි ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි .