රතු ලූණු වගාවට හානි කරන ඩිප්ටෙරා නැමැති කෘමියෙකු නිසා යාපනයේ ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් ම රතු ලූණු වගාව විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.
ගොවීන් පවසන්නේ පසුගිය රතු ලූණු වගාවේදී හානිකර පලිබෝධනාශක වලින් මෙම කෘමියා මර්ධනය කළද මෙවර පලිබෝධනාශකවලට මර්ධනය කළ නොහැකි බවයි.
මෙම කෘමීන් මුළු රතු ලූණු වගාවේම කොළ කා දමා ශාකයේ යුෂ උරා බීමක් සිදුකර ශාකයේ සාරය විනාශ කර දමන බව සදහන්.