බොරතෙල් මිල ඉහළට.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (19) දිනයේ ඩොලර් 95 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 95.52 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 31 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය බව සඳහන් .

සෞදි අරාබියේ බොරතෙල් නිෂ්පාදනය කප්පාදු කිරීම සහ ඇමරිකානු නිෂ්පාදන පහළ යෑම මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම සඳහා හේතු වී තිබේ .

Exit mobile version