ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (23) සුළු ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 79.48ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 74.30ක් ලෙස සටහන් වී තිබේ.
කෙසේ වෙතත් දෙසැම්බර් 26 වනදායින් පසු තවමත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් අසූවේ සීමාව ඉක්මවා ගොස් නොමැති බව සදහන්.