බොර තෙල් මිල පහළට.

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් , චීන ඉල්ලුම අඩුවීමත් සමඟ බොර තෙල් මිල පහළ ගොස් ඇති බව  වාර්තා වේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.38ක් ලෙසත් , වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත් සටහන් වී තිබූ බව සඳහන්.

එමෙන්ම මේ වන විට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් බොර තෙල් සැපයුම නැවත යථා තත්ත්වයට පත්වෙතැයි අපේක්ෂා කෙරේ.

Exit mobile version