ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (10) සුලු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78 ඉක්මවා තිබූ අතර ඩබ්ලිව් ටී අයි බැරලයක මිල ඩොලර් 73 සීමාවට ළඟා වී තිබේ.
කෙසේ වෙතත් දෙසැම්බර් 26 වනදායින් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80ක සීමාව ඉක්මවා නොමැති බව වාර්තා වේ.