රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට.

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා ඇති බව වාර්තා වේ.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බවට රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව බවට ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇති බවට අපේක්ෂා කරන බව සදහන්.

Exit mobile version