පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ වගා බිම් සම්බන්ධයෙන් හානි තක්සේරු කිරීම සඳහා ලබන 25 වනදා සිට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා බවත් , මෙම මස 31 වනදා වනවිට හානි තක්සේවරුව අවසන් කර වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාර දීමට සැලසුම් කර ඇති බවත් කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 1230 ක වගා බිම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පණ්ඩුක වීරසිංහ මහතා ,
“මේ අවස්ථාවේ දී නියඟයෙන් හානියට පත් ගොවි මහත්වරුන්ට කිසිදු අසාධාරණයක් නොවෙන්න මේ හානි තක්සේරුව කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් බිම් මට්ටමින් කරනවා. ඊට අමතරව අපි මේ 25 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ක එකතුවෙලා ඩ්‍රෝන යානා යවලා හානි වෙච්ච ප්‍රදේශවල හානිය පිළිබඳ තවත් නිවැරදි ඇස්තමේන්තු ඉදිරි දින ඇතුළත අපි කරලා අවසන් කරනවා. මම විශ්වාස කරනවා අගෝස්තු 31 වනදා වන විට සියලුම හානි පරීක්ෂා කරලා ඉවර කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ හානි වුණ කුඹුරු ගැන වාර්තාවක් හදලා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කරලා, ගොවීන්ට සිදුවු හානියට වන්දි ගෙවීමට අපේක්ෂා කරනවා.”