දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මේ දිනවල මධ්‍යස්ථ මට්ටමක පවතින බව වාර්තා වේ.
රට පුරා එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය පසුබිමක මෙවැනි තත්ත්වයක් වාර්තා වීම සුවිශේෂ කාරණයක් වන අතර දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් 70% ක් පමණ සපුරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයයි.
ඉල්ලුම සැපයුම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවි වුවත් එළවළු මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳ කනගාටුවට පත්වන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ සඳහන් කරති.
ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ සිල්ලර වෙළෙන්දන්ගේ අලෙවිය පිළිබඳ තොග ව්‍යාපාරිකයන්ට වගකීමක් දැරීමට නොහැකි වීම ඊට හේතුව බවයි .