හැටන් විල්ෆ්‍රඩ් පුර ප්‍රදේශයේ බැවුම් කොටසක් ඇතුළු ස්ථාන කිපයකම මාර්ගය අබලන් තත්වයේ පැවතිමත් සමග එම මාර්ගයේ විවිධ අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන
තිබේ.
විශේෂයෙන් මෙම මාර්ගයේ හැටන් නගර සභාව මගින් ඉදිකර ඇති කියවීම් ශාලාව අසල කොටස දැඩි ලෙස අබලන් තත්වයේ පැවතීමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය කරවිම දැඩි ලෙස අසීරු තත්වයක පවතින අතර මෙහි
විවිධ අනතුරු ඇති විමේ අවදානමක්ද හට ගෙන තිබේ.
මෙම මාර්ග කොටස දැනට වසරක පමණ කාලයක සිටම මෙසේ අබලන් තත්වයේ පවතින බවත් , මේ පිළිබදව හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ට පැවසු විට හෙට
කරන්නන් සතියකින් කරන්නන් යනුවෙන් පැවසුවත් මේ වන
තෙක් මෙම මාර්ග කොටස නවිකරණය කර දිමට පියවර ගෙන නොමැති බවද ප්‍රදේශයේ පිරිසක් පවසති.
මේ පිළිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ ඉදිරියේදි මෙම මාර්ග කොටස නවිකරනය
කිරිමට පියවර ගන්නා බවයි.