නිදහසට කරුණු විමසා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා යොමු කළ ලිපියට එරෙහිව එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ලබාගත් වාරණ නියෝගය අත්හිටුවා ඇති බව වාර්තා වේ.
ඒ, නඩුව අද (26) කොළඹ දිසා අධිකරණ විනිසුරු සදුන් විතාන හමුවේ කැඳවු අවස්ථාවේදී ය.
චෝදනා 5 කට අදාළව නිදහසට කරුණු විමසා ශ්රී ලංකා නිදහස් පක්ෂය එම ලිපිය නිකුත් කර තිබූ අතර, ඊට වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය බ්රහස්පතින්දා ය.
එම වාරණ නියෝගය අත්හිටුවන්නැයි, පක්ෂය කළ ඉල්ලීම සලකා බලමින් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.