විදුලි ගාස්තු සමාලෝචනය පිළිබඳ තීරණයක්.

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 03ක් දක්වා අඩුකිරීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

මීට පෙර විදුලි ගාස්තු සමාලෝචනය මාස 06කට වරක් සිදුකෙරුණි.

අදාළ කැබිනට් නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී විදුලි ගාස්තු සමාලෝචනය මාස 03කට වරක් සිදුකෙරෙනු ඇති.

Exit mobile version