සීමා නිර්ණ වාර්තාව අගමැතිට.

පසුගිය නොවැම්බර් මස පළමු වැනිදා සීමා නිර්ණ කමිටුව පත් කිරීම සඳහා එහි විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා පියවර ගත් අතර එහි සභාපතිවරයා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පත් කෙරිණි.

 ඒ අනුව සීමා නිර්ණ කමිටු වාර්තාව අද (11) පෙරවරුවේ සීමා නිර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දුන් බව වාර්තා වේ.

එමෙන්ම පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 8000 කට අධික සංඛ්‍යාවක් දැනට සිටින අතර , එය හරි අඩකින් අඩු කිරීම මෙම කමිටුවේ සැලැස්ම බවත්, ඒ අනුව පළාත් පාලන ආයනතන සභික සංඛ්‍යාව නව සීමා නිර්ණය යටතේ 4000ක් දක්වා අඩු වන බවත්  සදහන්.

නමුත් මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බව විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කර ඇත.

Exit mobile version