දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර තිබේ .
එහි අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කරන ලද්දේ ගාල්ල, බදුල්ල, කුරුණෑගල, පුත්තලම යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වන බවත් , අන්තර් මෝසම් වැසි හේතුවෙන් මහනුවර ප්‍රදේශයෙන්ද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් , ඩෙංගු මර්දන වැඩසටහන් එම ප්‍රදේශයේ පැවැත්වුවද රෝගීන් වාර්තා වීමේ අඩුවක් නොමැති බවත් ය.
දැනට දිවයින පුරා ඩෙංගු රෝගීන් 80,000 සීමාව ඉක්මවා තිබේ.ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සඳහන් .