බස්නාහිර පළාතේ ඩිපෝවල ඇති අත්හරින ලද බස්රථවල මෙන්ම උසාවිවල සහ පොලීසිවල නඩුභාණ්ඩ වශයෙන් ඇති වාහන තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් මතුව තිබෙන බව වාර්තා වේ .
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ප්‍රකාශ කරන්නේ බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමට මෙය හේතු වී ඇති බවත් , මෙවැනි වාහනවලින් ඩෙංගු මදුරු කීටයින් හමුවීමේ සිද්ධීන් ගතවූ කාලයේ සියයකට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් , බස්නාහිර පළාතේ කසළ කළමනාකරණයේ ඇති ගැටලුවත් සමග ඩෙංගු වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවත් ය.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ මේ වනවිට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73370 වන බවත් , බස්නාහිර පළාතෙන් පමණක් ඩෙංගු රෝගින් 34801 වාර්තා වී ඇති බවත් ය.