දේශබන්දු තෙන්නකෝන් දළදා මාළිගාව වැදපුදා ගනීයි.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (02) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගාව වන්දනාමාන කරගත් බව වාර්තා වේ .

ශ්‍රී දළදා මාලිගාවට පැමිණි දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමන් විසින් පිළිගැනීමෙන් අනතුරු ව දළදා සමිඳුන් වන්දනාමාන කරන ලදී. ඉන්පසුව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් හා එම පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා ලදී.

පසුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන් ද බැහැ දැක වැඩ බලන පොලිස්පතිවරයා ආශිර්වාද ලබාගෙන තිබේ.

ඉන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියේ කටයුතු සිදු වන ආකාරයත් පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම දුරලීම සඳහා කටයුතු කරන ආකාරයත් පැහැදිලි කරන ලදී .

Exit mobile version