දේවගැති ජෙරොම් ප්‍රනාන්දුගේ “ මිරැකල් ඩෝම් “ ශාලාව ඉදි කිරීම සඳහා ආධාර ලබා දුන් පුද්ගලයින් 18,000 දෙනෙකුගේ ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලැබී ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයින් කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා දී ඇත්දැයි යන්න සම්බන්ධයෙනුත් , රාජ්‍ය සේවයේ නියුතු ඉහළ නිලධාරීන් පවා මේ සඳහා අරමුදල් පරිත්‍යාග කර ඇති බවත් , ඔවුන්ගෙන් ඉදිරියේ දී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කර තිබේ.
එමෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන් තමාට ලැබෙන වාහන බලපත්‍ර පවා විකුණමින් එම මුදල් මෙම ශාලාව ඉදි කිරීමේ කටයුතු වලට ලබා දී ඇති බව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වූ බව සඳහන් වේ.
නමුත් ෆාස්ටර් ජෙරොම්ගේ ආශිර්වාදයෙන් ඔවුන්ගේ ජීවිතවල විශාල වෙනසක් සිදුව ඇති බව මෙම ශාලාව සැදීම සඳහා ආධාර දුන් පිරිස ප්‍රකාශ කර තිබේ.