ඩයනාට තීන්දුව දීම කල් යයි.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළ බව වාර්තා වේ .

එම තීන්දුව අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූවත් එම නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර ඔහු ප්‍රකාශ කරන්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි .

Exit mobile version