හැටන් ලෙතන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසේ ශ්රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ පඬුරු පෙට්ටිය හා එහි දේව පිළිමවලට දමා තිබු රන් ආභරණ සොරා ගෙන යාමක් පිළිබඳව හැටන් පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ .
මෙම තත්වයන් පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වු හැටන් පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින මෙම හින්දු කෝවිලට ඇතුල්වූ යම් පිරිසක් එහි පඬුරු පෙට්ටිය හා දේව පිළිමයට පළඳවා තිබු පවුම් 05ක පමණ රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බවට එම කෝවිල් කමිටුව විසින් පොලීසියට පැමිණිලි කළ බවයි.
එම පැමිණිල්ල මත මේ වන විට එම සොරුන් සොයා හැටන් පොලීසියේ නිලධාරින් පරික්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්රකාශ කරන ලදී .