මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා හා පාසල් බෑග්, සපත්තු නිෂ්පාදකයන් අතර පැවති සාකච්ඡාවකදී පාසැල් ළමුන්ගේ සපත්තු සහ බෑග් වල මිල ගණන් ලබන මැයි මස 09 වැනි දායින් පසුව රුපියල් 500ත් 1000ත් අතර ගණනකින් මිල අඩු කිරීමට එම එකගතාවය පළකර ඇති බව වාර්තාවේ.
පාසැල් බෑග්, සපත්තු නිෂ්පාදකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ(25) දින මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී පවත්වා ඇත.
ඇමැතිවරයා නිෂ්පාදකයන් හට පෙන්වා දී ඇත්තේ ඩොලරයේ අගය අඩුවී ඇති බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවී තිබෙන බවත්, එම අඩුවීමේ වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසය.