DIG ප්‍රසාද් රණසිංහ පියුමාලිගේ සිද්ධිය යට ගැසීමට විමර්ශන කල පොලිස් නිලධාරිනිය මාරු කරලා. (වීඩියෝ)

CID. DIG of Sri Lanka

ශ්‍රී ලංකාව කියන්නෙ මූල්‍ය වංචාවන්ගෙන් ගහණය වූ දේශයක් බව එදා සිටම මේ රට තුළ සිදු වූ වංචා දූෂණ තුළින් පැහැදිලිව ගම්‍ය වන කරුණක්.පාලකයින් එක්ව මහ බැංකුව පවා වංචනික ලෙස කොල්ල කෑ අතීතයක් අපේ මේ රට උරුමකම් කියයි. නමුත් මහා බැංකුව කොල්ලා කෑම වැනි ක්‍රියාවන් වචනවලට පමණක් සීමා වූ ජනතාව නොමග යැවූ ප්‍රකාශයන් පමණක් බවට මේ වන විට සියල්ල නිධන්ගත වී අවසන්ය. දැන් කරළියට පැමිණ ඇත්තේ තිලිණි ප්‍රියමාලි සහ ඇයගේ පෙම්බරායි.

පසුගිය  කාල වකවානු පුරාවට බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට මෙම කෝටි ගණනක මූල්‍ය වංචාව සමත් විය. දැන් එයද යටපත් වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ විසින් පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල මහතා සමග සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබුණි.එහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද චරිතය වන්නේ හැමදාම ජනතාව දෝශාරෝපණ එල්ල කරන පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින විශිසෂ්ඨ යැයි කිව හැකි මූල්‍ය හා වාණිජ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනි, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක  නිරෝශනී හේවාපතිරණ  පිළිබඳවයි.

තිලිණි ප්‍රියමාලිගේ මෙම  කෝටි ගණන මූල්‍ය වංචාව සම්බන්ධ නඩුව පිළිබඳව විමර්ශනයේ දී කිසිදු දේපළක් පිළිබඳව සොයා ගැනීමට හැකියාව ලැබී නොමැති අතර මෙම නඩුව ඉදිරියට ගෙන යාමට නම් අපරාධකරුවාගේ නමට කිසියම් දේපළක් පැවතිය යුතුය යන්න නීතියයි.

ඒ අනුව මෙම කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක  නිරෝශනී හේවාපතිරණ විසින් කරන ලද විමර්ශන තුළින්  ප්‍රියමාලිගේ පෙම්වතා යැයි සැලකෙන ඉසුරු බණ්ඩාර යන පුද්ගලයා සතුව තිබී කෝටි ගණනක් වටිනා දේපළ ප්‍රමාණයක් සොයා ගැනීමට මෙම ප්‍රධාන පොලිස්  පරීක්ෂකවරියට හැකියාව ලැබී තිබේ. ඒ අනුව ඇය විසින් මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් සකස් කර උසාවිය ඉදිරියට ගෙන ගොස් ඇත.මෙම කරුණු සලකා බලන විට කිසිසේත් මෙම ඉසුරු බණ්ඩාර නමැත්තාට නීතියෙන් ගැලවීමට හැකියාවක් නොලැබෙණ බව බැලූ බැල්මට ඕනෑම අයෙක්ට වැටහෙන කරුණකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය විසින් සිදුකරන ලද විමර්ශන වලදී ඉසුරු බණ්ඩාර නමැත්තා සතුව ලක්ෂ 30 මුදල්, ඊට අමතරව ලක්ෂ 150ක බැංකු තැම්පතු, තවත් ලක්ෂ 100 රත්තරං, ලක්ෂ 350ක වටිනාකමකින් යුක්ත BMW රථයක්, රත්තරන් කිලෝ 08ක් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.මෙම සියලු කරුණු හෙළි වී ඇත්තේ කාන්තා  පොලිස් පරීක්ෂකවරියගේ  ප්‍රධානත්වයෙන් යුතුව කරන ලද විමර්ශනවලදී ය.

ඒ අනුව ඇය මෙම සියලු සාක්ෂි ඇතිව උසාවිය වෙත කරුණු වාර්තා කරනු ලබන අතර එහි දී   නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇය සම්බන්ධයෙන් එකවරට වාර්තාවක් ගොස් තිබේ.මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ කෝපාවිශ්ට වන්නේ ඉසුරූ සහ ඔහු අතර යම් සමීප සම්බන්ධතාවයක් පවතින බැවින් බවයි මෙහිදී අජිත් ධර්මපාල මහතා සඳහන් කළේ. මොවුන් දෙදෙනාගේ හිතවත්කම් පිළිබඳව දුරකථන සංවාද ආදිය සාක්ෂි දරණ බවත් එම සාක්ෂි ඔහු සතුව පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් මෙම සාධාරණ විමර්ශනයේ අවසන් ප්‍රතිඵලය වශයෙන් විමර්ශන කටයුතු සිදු කළ ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂකවරියට මාරුවීමක් හිමිවනවා සහ ඊට දින කිහිපයකට අනතුරුව ඉසුරු බණ්ඩාර ඇප මත නිදහස් කර ගැනීමට අදාළ පාර්ශවයන් සමත්ව ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවම අද වන විට ජනතාවගේ අප්‍රසාදයට පාත්‍ර කිරීමට කටයුතු කර ඇත්තේ මෙම නිලධාරිණිය වැනි එඩිතර සිංහයන් වැනි නිලධාරීන් අතර සිටින ධනය බලය ඉදිරියේ දෙකට නැවී නකුට වනන බලු කුක්කන් වැනි නිලධාරීන් ය. රට වනසන්නේ දේශපාලකයන් නොව, මහජන බලය යුතු භාවිතා කරන මෙවැනි නිලධාරීන්ය. කෙසේ නමුත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා මෙම චෝදනාවට යම් පිළිතුරක් ලබා දෙන්නේ නම් ඒ සදහාද අප ආයතනය ඉඩකඩ සලසා තිබේ.

Exit mobile version