DIG රන්මල් කොඩිතුවක්කු අවම බලය භාවිතා කරයි.

.

සබරගමු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මාර්ගයේ ගමන් කල පුද්ගලයෙකුට සිදු කල පහර දීමක් පිලිබදව වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වේ.

පහර දීමක් ලෙස සදහන් වුවද එම වීඩියෝව දෙස බලන විට එවැනි පහර දීමක් දක්නට නොලැබෙන නමුත් යම් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු කලහකාරී ලෙස හැසිරෙන බැවින්  සැකකරු පාලනය කිරීමට නොහැකි තත්වයක් නිසා මෙම නිලධාරීන් ලක් වන අපහසුතාවය නිසා  යම් අවම බලයක් භාවිතා කරන තත්වයක් එම වීඩියෝව තුලින් දක්නට ලැබේ. කෙසේ නමුත් ම්ලේච්ඡ පහරදීමක් මෙහි කිසිසේත්ම දක්නට නැත.

තවද, එම වීඩියෝව තුල මුලින් සිදුවන කරුණු කිසිවක් සදහන් නොවන අතර එම පුද්ගලයා පොලිස් නිල රථය තුලට දමා ගැනීමට යාමේදී ඔහුගේ හැසිරීම දරුණු බව  සහ නැවත පැනයාමට උත්සාහ කිරීමක් පැහැදිලිවම එහි දක්නට ලැබේ. ඔහු එසේ කලහකාරී ලෙස නොහැසිරුනේ නම් මෙවැනි තත්වයක් උද්ගත නොවන බවද පැහැදිලිවම දක්නට ලැබේ.  

යම් කරුණක් නිසා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබේ. මෙහිදී පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 219 සහ 330  වන  වන වගන්තින්  කඩ කරන බව පැහැදිලිය.  එම වගන්තීන් කඩ කිරීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරීන් අවම බලය යොදා මෙම සැකකරු මෙල්ල කරන්නට උත්සාහ කරන බව  දක්නට ලැබේ.  

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අනුව සංෙඥය නොවන වැරදි පිලිබදව වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබේ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 (1) (අ) වගන්තියට අනුව වරදක්  කරන යම් තැනැත්තෙකු අධිකරණ නියෝගයකින් තොරව අත් අඩංගුවට ගත හැකි අතර අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 23 (2) වගන්තිය යටතේ විවිධ උපක්‍රම භාවිතා කරමින් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට බලය ලබා දී තිබේ. එසේ අත් අඩංගුවට නොගත්තේ නම්  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 216 වන වගන්තිය යටතේ මෙම පොලිස් නිලධාරීන්ට නඩු පැවරිය යුතුය.

Exit mobile version