අප මීට පෙර මහනුවර ප්‍රදෙශයේ “ජේෂ්ඨ දම්සක්” ලෙස සදහන් කරමින්, නුවර එළියෙන් විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ගැන සදහන් කර තිබේ. ඒ පිලිබදව කරුණු දැක්වීම සදහා නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පිරිස් මහතා “ශ්‍රී රාවණා ලංකා” මාධ්‍ය ආයතනය වෙත කතා කරන ලදී.
අප එම පුවත තුල නියෝජ්‍ය පොලිස්පති ශ්‍රියන්ත පිරිස් මහතාගේ නාමයක් සදහන් කර නැත. කෙසේ නමුත් අප පළකර තිබෙන එම පුවත පිලිබදව සාක්ෂි අප සතුව තිබේ. නමුත් යම් ගැටළුවක් නිසා අප ඔහුගේ නාමය සදහන් නොකිරීමට තීරණය කර තිබුණි. එබැවින් එම පුවතින් ඔහුට කිසිම ආකාරයක අපහසුවක් විය නොහැකිය.
කෙසේ වෙතත් මෙරට මත්ද්‍රවය වැලක්වීමට ඔහු ගෙන තිබු උතාසායහන් නිසා ශ්‍රියන්ත පිරිස් මහතාට ජනාධිපති සම්මාන පවා හිමිව තිබේ. තම රාජකාරිය නිසි ලෙසම සිදුකරන විටද විවිධ චෝදනා එල්ල වේ. එසේම අයහපත් පරිපාලනය නිසාද චෝදනා එල්ල වේ. එබැවින් සියලුම දෙනා කටයුතු කල යුත්තේ පවථීන නීති රාමුව තුලය. ඒවාට එරෙහිව කටයුතු නොකළ යුතුය. කෙසේ නමුත් මෙම සිදුවීමට අදාල පුවත තුල මෙම පොලිස් නිලධාරියාගේ නාමය සදහන් කර නැත.