ශ්‍රී ලංකාවේ ඉපැරණි බිතුසිතුවම් ඩිජිටල්කරණයට ලක් කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එහි සමාරම්භය කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී සිදු කෙරුණු බව වාර්තා වේ .
ඒ අනුව මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙන ඉපැරණි බිතු සිතුවම් අඩංගු විහාරස්ථාන 874 ක් වීඩියෝගත සහ ඡායාරූපගත කර සංරක්ෂණය කිරීමට නියමිතව තිබේ .
අදාළ සංරක්ෂණය කරන ලද සිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවත් , අදාළ බිතුසිතුවම් අඩංගු විහාරස්ථානයට ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිත බව බුද්ධශාසන හා ආගමික හා සංකෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ .