ඉපැරණි බිතුසිතුවම් ඩිජිටල්කරණයට.

ශ්‍රී ලංකාවේ ඉපැරණි බිතුසිතුවම් ඩිජිටල්කරණයට ලක් කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් අද (26) අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එහි සමාරම්භය කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී සිදු කෙරුණු බව වාර්තා වේ .

ඒ අනුව මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙන ඉපැරණි බිතු සිතුවම් අඩංගු විහාරස්ථාන 874 ක් වීඩියෝගත සහ ඡායාරූපගත කර සංරක්ෂණය කිරීමට නියමිතව තිබේ .

අදාළ සංරක්ෂණය කරන ලද සිතුවම් සංරක්ෂණ හා පර්‍යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවත් , අදාළ බිතුසිතුවම් අඩංගු විහාරස්ථානයට ඩිජිටල් පිටපතක් ලබා දීමට නියමිත බව බුද්ධශාසන හා ආගමික හා සංකෘතික අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ .

Exit mobile version