වර්ජනය මැද තැපෑල ඩිජිටල් කරයි.

තැපැල් සේවය සඳහා විකල්ප ක්‍රමවේදයක් භාවිත කරන ලෙසට අමාත්‍ය මණ්ඩලය තමන්ට උපදෙස් ලබා දී ඇති බවට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු මේ බව කියා සිටියේ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ඒ අනුව විශ්‍රාම වැටුප්, ආබාධිත දීමනා ඇතුළු දීමනා නිවසට ම ලබා ගැනීමට හැකි ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට, කැබිනට් මණ්ඩලය දැනුම් දී තිබේ.

එමෙන්ම දඩමුදල් ගෙවීම සම්බන්ධයෙන් ද නව ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබේ.

තැපැල් වෘත්තිය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් ඊයේ (11) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී ද සාකච්ඡා කර තිබේ.

එහි දී මෙම උපදෙස් ලැබුණු බවට මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version