දිඹුලාගල විහාරස්ථානයේ විදුලිය විසන්ධි කරලා.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ .

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ ප්‍රකාශ කර තිබෙන්නේ මේ වනවිට විදුලිබිල රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවයි.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා 200 කට ආසන්න සංඛ්‍යාවක් වැඩවාසය කරති.

Exit mobile version