ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තරයද ප්‍රශ්න ගණනාවකින් පිරී තිබෙන බව අප මාස කිහිපයක් තිස්සේ ප්‍රජා සංවර්ධනය පිළිබඳව තොරතුරු සොයා අඛණ්ඩව සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණයකදී අණාවරණය වී තිබේ.
එහිදී අප අණාවරණය කරගත් එක කරුණක් වන්නේ ජේෂ්ඨ නිලධාරියෙකුගේ වරදකට එරෙහිව යම් කටයුත්තක්, සාක්ෂියක් දුන් පොලිස් පොඩ්ඩන්ගෙන් පළිගන්නේ එම නිලධාරීන් එකට එකතුව බවයි. එකට එකතු වී මාෆියා කල්ලියක් සේ ක්‍රියාත්මක වන බවද අප අණාවරණය කරගෙන තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ එම සමස්ථ ක්‍රියාවලියම එකතුකරමින් සම්පුර්ණ ලිපියක් අප සකසමින් තිබේ. එය ලිපි මාලාවකි.
අප එසේ කටයුතු කරමින් එම මහජනතාවගේ ආයතනය ආරක්ෂා කරගැනීමේ කටයුත්ත පිළිබඳව තොරතුරු ලබා ගන්නා අතරතුර වාර්තා කල යුතු පුවතක් අපට ලැබෙන්නේ මෙරට ඉහළ පෙළේ දේශපාලන නායකයෙකුගෙනි.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ඇඹිලිපිටියේ පිහිටි නිවසක ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තම රාජකාරී ස්ථානය පිරිසිදු කිරීම නිසා විනය පරීක්ෂණ යක් යොදා තිබීමක් පිළිබඳවයි.
2023 10 10 උදෑසන 5.30 පමණ 96404 පො කො අජිත් නමැති සෙවනගල ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් වන නිලධාරියෙකුට මෙම පරීක්ෂණය යොදා තිබේ.
සහකාර පොලිස් අධිකාරි (2) නිමල් විජයමුණි මහතා උදෑසන ශාරීරික අභ්‍යාස සදහා ගමන් කිරීමේදි මෙම නිලධාරියා තමන් රාජකාරි කරන ලද ස්ථානය පිරිසිදු කර තිබේ. එය දුටු සහකාර පොලිස් අධිකාරිවරයා සහකාර පොලිස් අධිකාරි (1) වන සනත් කුමාර මහතා හට පැමිණිලි කර තිබේ.
භටයෙකු තමන් රාජකාරී කරන ස්ථානය පිරිසිදුව තබාගත යුතු බව පුහුණුවේම ප්‍රධාන අංගයකි. එසේ පිරිසිදු කිරීම යම් හෙයකින් තහනම් කර තිබේ නම් අදාල ස්ථාන පිරිසිදු කිරීමට වෙනම කණ්ඩායමක් යෙදවීම සහකාර පොලිස් අධිකාරිවරයාගේ වගකීමකි.
අප මීට පෙර “නයි මිරිස් කෑ ASP ගෙන් මුදල් ඉල්ලූ රාළහාමිට විනය පරීක්ෂණ සහ ස්ථාන මාරු” මැයෙන් අප පළකරන ලද පුවතට අදාල සිද්ධියේ සාක්ෂිකරුවෙකි.
සහකාර පොලිස් අධිකාරී සනත්කුමාර යනු, පොලිස් පරීක්ෂකවරයෙකුට මිලියනයක් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුකල නඩුවේ පළමු වග උත්තරකරුය.
(අදාළ නඩු තීන්දුවේ පළමු පිටුව )
එවැනි නඩුතීන්දුවලින් ගම්‍ය වන්නේ මෙම ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මුල් කාලයේ සිටම මානව හිතවාදීන් ලෙස රාජකාරී කිරීමට ඉගෙන ගෙන නැති බවයි. එසේම මහජන තනතුර භාවිතා කරනුයේ රටේ උන්නතිය වෙනුවෙන් තම තමන්ගේ සුඛ විහරණයන් වෙනුවෙන් පමණක් බවයි. මෙසේ රාජකාරි කරන ජේෂ්ඨ පොලිස් නිලධාරීන් 50 % කට වඩා පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටීම භයානක තත්වයකි.
රට වෙනස් කිරීමට නම් ප්‍රථමව යහපත් පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය විය යුතුය. එය එසේ සිදුවන බවට අප නොදකින අතර ඒ වෙනුවට බිහිවෙමින් තිබෙන්නේ මහජන අප්‍රසාදී ම්ලේච්ඡ පොලිස් දෙපාර්තමේන්තුවකි. දෙපාර්තමේන්තුව තුල සේවය කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට නොහැකි නම් ඉදිරිය තව තවත් භයංකාර වේ. තනතුර අවභාවිතා කරමින් සිට, මරණය දක්වාම විශ්‍රාම වැටුපකුත් ලැබීමට තරම් ඔවුන් වාසනාවන්ත වුවත්, ඔවුන් වැනසු පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රතිඵලය ඔවුන්ගේ දරු මුණුපුරන් භුක්ති විදිනු ඇත.
අප ඉහතදී පළ කළ පුවත පහතින්,