කොවිඩ් වැළඳුනු රෝගීන් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ඇමරිකානු අධ්‍යනයකින් හෙළිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම රෝගීන්ගේ මොළයේ හෝ පෙනහළුවල රුධිර කැටි ගැසීම් සහ තෙහෙට්ටුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්විය හැකි බව සදහන්.
කොවිඩ් හේතුවෙන් රෝහල් ගත කළ පුද්ගලයින් 1,837 දෙනෙකු යොදා ගනිමින් මෙම අධ්‍යනය සිදුකර තිබේ.
එමෙන්ම මෙම රෝගීන්ගෙන් 16% කට අවම වශයෙන් මාස හයක්වත් සිතීම, අවධානය යොමු කිරීම හෝ මතක තබා ගැනීමේ අපහසුතා ඇති බවට අනාවරණය කර ගෙන තිබේ.