විදුලි වෘත්තීය සමිති හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු සියලු වෘත්තීය සමිති සහභාගිත්වයෙන් ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රය තුල සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කල බවට වාර්තා වේ.
ඊට අදාලව අමාත්‍යවරයා ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති එකගතාවය පල කල අතර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ඉදිරි කටයුතුවලදී වෘත්තීය සමිති යෝජනා පිළිබඳවද විමසීමක් සිදු කරන ලෙස නියෝජිතයින් විසින් අමාත්‍යවරයාට ඉල්ලීමක් සිදු කර ඇති බවට වාර්තා වේ.