එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරටට මෙට්‍රික් ටොන් 36,000 ක මඩ පොහොර තොගයක් පරිත්‍යාග කර තිබූ අතර වගා කන්න දෙකකට පසුව මෙරට ගොවීන් ලක්ෂ 12ක් සදහා අද (20) දින සිට මඩ පොහොර නොමිලයේ ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කරන ලදී.
අද (20) දිනයේ උතුර හා නැගෙනහිර පළාත් වලට අයත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට මඩ පොහොර මෙට්‍රික් ටොන් 11,537 ක් බෙදා දීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම වගා කටයුතු ආරම්භ වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලට ඒ අයුරින්ම පොහොර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
දිවයිනේ ඇති සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් මෙම මඩ පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.