වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක.

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බව සඳහන් .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කරන ලද්දේ ඌව පළාත තුළ අද (02) පෙරවරු 08.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version