හීලෑ අලි ඇතුන් අවදානමක.

මෙරට හීලෑ අලි අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැරට සම්බන්ධ වී සිටින අලි ඇතුන් විශේෂ පරීක්ෂණයකට ලක්කරන බවද මහාචාර්යවරයා සඳහන් කර තිබේ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වී සිටින අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ පශු වෛද්‍ය සායනයක් ඊයේ (27) පැවැත්වුණු බව සදහන්.

එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසුවේ මෙරට හීලෑ අලි අතර බරවා රෝගය පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවයි.

“මෙදා සැරේ අපිට දැනිලා තියෙනවා කාලෙකට පස්සේ බරවා රෝගය අපි දැක්කා ආයම එනවා වගේ. බෙහෙත් කරන්න පුළුවන් බරවා රෝගයට. මඳුරුවාගෙන් යන නිසා ඒක පාලනය කරන්න තියෙන්නේ. නමුත් අලි වයසයි නම් ලෙඩ හැදෙන්න තියෙන අවකාශය වැඩියි. ඒක නිසා අපි දැක්කොත් බරවා රෝගය තියෙන අලියෙක් අපි බෙහෙත් කරනවාම තමා. 

අනිත් එක තමා මේ ලේවල පරපෝෂිතයෙක් ඉන්නවා මැලේරියාව වගේ මිනිස්සුන්ගේ ඉන්න. ඒක කවදාවත් දැකලා නෑ අලින්ගේ. මම දැන් දැකලා තියෙනවා. තව වෛද්‍යවරයෙකුත් දැකලා තියෙනවා. ඒ නිසා අපි ඒකත් පරීක්ෂා කරන්න බලන් ඉන්නවා. 

එතකොට අපේම වෛද්‍යවරයෙක් ජපානයේ ක්ෂය රෝගය ගැන ආචාර්ය උපාධියක් කරනවා. එයාට කියලා තියෙනවා ඇවිත් මේ අලි ටික චෙක් කරලා දෙන්න කියලා. අපිට ඉන්නෙත් 100යි. ඒකත් අඩු වෙන ගමන් ඉන්නේ. අපි දැනගත යුතුයි අපේ අලීන්ට මේක තියෙනවා ද නැද්ද කියලා. 

ලංකාවේ ගෙවල්වල ඉන්න අලීන්ගෙන් 60% – 70%කට අපි විශ්වාස කරනවා ඇස්වල යම්කිසි ලෙඩක් තියෙනවාමයි කියලා. මොකද අලියා කැලේ සතෙක්. ගෙවල්වලට ගෙනල්ලා තියද්දි තියෙන අසනීපවලින් එකක් තමයි ඇස් ලෙඩ. සනීප කරන්න අමාරු ලෙඩක් තමයි ඇස් ලෙඩ. වයස අලීන්ගේ මේ තත්ත්වය ගොඩක් නෑ. සාමාන්‍යයෙන් 30% – 40%ක් විතර තියෙනවා. මොකක් හරි ඇහේ ලෙඩක් තියෙනවාමයි.”

Exit mobile version