මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් වූ වෛද්‍ය ප්‍රියා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි වියේ පසුවූ රංගන ශිල්පිනියකි.
මියයනවිට ඇය මාස 8ක ගැබිණියකි.
කෙසේ වෙතත් වෛද්‍යවරු ඇයගේ කුස තුළ සිටි බිළිඳාගේ දිවි බේරාගැනීමට සමත්ව ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බිලිඳා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.