මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්හි ගමන් ගන්නා රියදුරන් ප්‍රවේශමෙන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වයන් හා මාර්ග ලිස්සන සුලු තත්ත්වයන් මත මෙම ප්‍රදේශයන් තුල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවට හැටන් පොලීසියේ නිලධාරියකු
ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම නිලධාරියා පවසන ලද්දේ හැටන් කොළඹ හා හැටන්
නුවරඑළිය ප්‍රධාන මාර්ග ඇතුළු මෙම ප්‍රදේශයේ මාර්ග කිහිපයකම විටින් විට දැඩි මීදුම් තත්ත්වයන් පවතින බවත්ය.

සමහර අවස්ථාවලදි මාර්ගය නොපෙනි යන අයුරින් ඝන මීදුම් තත්ත්වයන් මෙම මාර්ගවල පවතින බවත් මෙයට
අමතරව මෙම මාර්ග ලිස්සන සුලු තත්ත්වයේ පැවතීම මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බැවින් මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවීමේදි ඉතාමත් කල්පනාකාරිව රථ වාහන ධාවනය කරවිමට පියවර ගන්නා ලෙසට සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version