බීලා වේගෙන් ගියොත් වැඩ වරදී.

උත්සව සමයේ බීමතින් රිය පදවන සහ අධික වේගයෙන් මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද උපදෙස් දුන් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසූ බව වාර්තා වේ.

බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මාර්ගවල මෙන්ම ප්‍රධාන අතුරු මාර්ගවලද පොලීසිය යොදවන බවට තල්දූව මහතා පැවසූ බව වාර්තා වේ.

වර්ෂය අවසන්වන කාලසීමාවේදී විශාල වශයෙන් රිය අනතුරු සිදුවන බවත් එම රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල සංඛ්‍යාවක් මරණයට පත්වන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූ බව සදහන්.

Exit mobile version