රුසුයාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙශ් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රහාරයත් සමගම මොස්කව් හි Vnukovo ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රාජකාරීන් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තාවන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට රුසියාව චෝදනා කර ඇත්තේ ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය භාරගත යුතු බවය.
රුසියානු ප්‍රහාර හමුවේ ඩ්‍රෝන සියල්ල බිම හෙලා ඇති අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව හා මේ සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළකර නොමැති බවත් වාර්තාවේ.