ඊයේ (24) දින කැනඩාවේ සිට ලංකාවට ගෙන්වන ලද කුෂ් නමැති මත්ද්‍රවය පාර්සල් 24 ක් සමග සැකකරුවකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
කැනඩාවේ සිට ලී පෙට්ටි දෙකක් තුල ඉතා සුක්ෂම ලෙස අසුරා මෙරටට ඒවා ඇති මෙම මත්ද්‍රවය තොගය ද්‍රවිඩ ජාතිකයකු විසින් ඒවා ඇති බව වාර්තාවේ.
මෙම මත්ද්‍රව්‍ය වල හිමි කරු වන යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් එම පෙට්ටි දෙක නිදහස් කර ගැනීමට ඒවා ඇති පුද්ගලයා ද රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම භාණ්ඩ පුද්ගලික කාගෝ ආයතනයක් මාර්ගයෙන් මෙරටට ඒවා ඇති බවයි පැවසෙන්නේ.