ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (01) පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් පැවසුවේ මින් ඉදිරියට මෙරටට ලියාපදිංචි ඖෂධ පමණක් ආනයනය කරන ලෙසයි.
එමෙන්ම ලියාපදිංචි ඖෂධ නොමැති හදිසි අවස්ථාවකදී ජාතික ඖෂධ නියමන අධිකාරියේ අනුමැතිය සහිතව පමණක් මෙරටට එම ඖෂධ ආනයනය කළ යුතු බවට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ.