ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුවට.

දූෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද (04) පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරින් කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතව තිබේ .

Exit mobile version