දුලීප් වෙදආරච්චි කළු සාටකය පැළඳ එයි.

ධීවර දුක රටට පෙන්නන්නට බව කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දුලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවට කළු පැහැති සාටකයක් පැළැඳ පැමිණි බව වාර්තා වේ.

ධීවර අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තුව වැය ශීර්ෂය විවාදය අරඹමින් වෙදආරච්චි මහතා සඳහන් කළේ ධීවර බෝට්ටු තුන්දහසක් පමණ මේ වන විට මුහුදු නොයා වෙරළේ බැඳ දමා තිබෙන බවයි.

වැට් බදු වැඩිවීමත් සමග ධීවරයන් කෙසේ ජීවත් වේදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

තමා මේ පැළඳ ආවේ කුරහන් සාටකය නොවේ යැයි කී වෙද ආරච්චි මහතා තමා පැළඳ ආ කළු සාටකයෙන් පෙනෙන්නේ ධීවරයන්ගේ දුක් අඳෝනාව බව කීය.

Exit mobile version