දුමින්ද නාගමුව අද CID යට.

තමන්ට අපහාස වන ආකාරයට ෆේස්බුක් සහ යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව වාර්තා වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව , පසුගිය 12 වනදා පැවති මාධ්‍ය හමුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට ප්‍රකාශ කර තිබූ අතර ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කරන ලදී.

Exit mobile version